ඔස්ටේ්‍රලියා අගමැති Social Media වාරණයක් ඉල්ලයි

2019-03-19 at 11:24

සමාජ මාධ්‍ය සඳහා ගෝලීය වාරණයක් පැණවිය යුතු බවට ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා යෝජනා කරනවා.

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී සජීවීව විකාශය කර වෙඩි තැබීමේ දර්ශන අවහිර කිරීමට ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අපොහොසත් වූ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී පැවැත්වෙන ජී 20 සමුලුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසටයි ජී 20 කණ්ඩායමේ සභාපති ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙත ලිපියක් යොමුකරමින් ස්කොට් මොරිසන් මහතා ඉල්ලීමක් කර ඇත්තේ.

කෙසේවෙතත් ෆේස්බුක් ආයතනය නිවේදනය කලේ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට අදාල වීඩියෝ ලක්ෂප 15 ක් පමණ අන්තර්ජාලයෙන් ඉවත් කල බවයි.