කණිෂ්ඨ ඩොනල්ඞ් ට්‍රම්ප් ටත් කොරෝනා

2020-11-21 at 06:58

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ වැඩිමහල් පුත්‍රයාටද කොවිඞ් වෛරසය ආසාධනය වී තිබෙනවා.

42 හැවිරිදි ඔහු මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

කණිෂ්ඨ ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ සහකාරිය වන කිම්බර්ලි ගිල්ෆොයිල් ට ද පසුගිය ජූලි මාසයේදී කොවිඞ් වෛරසය වැළඳී තිබුණා.

මේ අතර ධවල මන්දිරයේ තවත් 04 දෙනෙකුට මේ වනවිට කොවිඞ් ආසාධනය වී ඇති බවද සඳහන්.