කශෝග්ජිගේ පෙම්වතිය සවුදියේ ඔටුන්න හිමි කුමරුට නඩු පවරයි

2020-10-21 at 06:46

ඝාතනයට ලක්වූ සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කශෝග්ජිගේ පෙම්වතිය විසින් සවුදියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුන් ඇතුලු 20 කට වැඩි පිරිසකට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ මාධ්‍යවේදියා මරණයට පත් කිරීමට නියෝග දුන් බවට චෝදනා කරමිනුයි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා ඇති සවුදි කොන්සල් කාර්යාලය තුළදී කශෝග්ජි ඝාතනයට ලක්වූයේ 2018 වසරේ ඔක්තෝබර් 02 වනදායි.

සවුදි රජය දැඩි ලෙස විවේච්චනය කල මාධ්‍යවේදියෙකු ලෙසටයි ඔහු සැළකුණේ.

කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සවුදියේ ඔටුන්න හිමි කුමරුන් ප්‍රතික්ෂේප කරනවා.