කැන්ගරු දේශයේ ලැව්ගිනි අවසනයේ ජල ගැලීම් තර්ජන

2020-02-13 at 17:48

මාස ගණනාවක් පුරා ඔස්ටේ්‍රලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පැතිර ගිය ලැව් ගිනි සම්පුර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.

දින කිහිපයක සිට ඇද හැලුණූ ධාරානිපාත වර්ෂාව ඊට ඉහළ දායකත්වයක් ලබා දුන් බවයි ඔස්ටේ්‍රලියා බලධාරීන් පවසන්නේ.

ලැව් ගිනි අවසන් වීමත් සමග මේ වන විට නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ කලාප රැසක් ජල ගැලීම් අවධානමට ලක් තිබෙනවා. කුණාටු සහිත වැසි තවදුරටත් අපේක්ෂා කළ හැකි බවටයි අනතුරු අගවා ඇත්තේ.

මාස ගණනක් පුරා පැතිර ගිය ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් පනස් හතර ලක්ෂයක් විනාශ වී තිබෙනවා. පසුගිය කාලසීමාවේ ගිනි නිවීමට යොදා ගත් දියර වර්ග ප්‍රමාණය ලීටර් දෙකෝටි හතලිස් ලක්ෂයක්.

දිර්ඝ කාලයක් පුරා පැවති ගිනි නිවීමේ මෙහෙයුම් ඉතා දුශ්කර හා වෙහෙසකර අත්දැකීමක් වු බවයි නිව් සවුත්වේල්ස් ගිනි නිවීම් කාර්යාංශය පෙන්වා දෙන්නේ.


odio ut Praesent ut neque. Donec adipiscing nec suscipit dolor risus. mi,