කැලිෆෝනියාවට 20 වසරකට පසු දරුණු භූමිකම්පාවක්

2019-07-05 at 11:13

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට වසර 20 කට පසු බලපෑ දරුණුතම භූමිකම්පාව හටගෙන තිඛෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6 යි දසම 4 ක් ලෙසටයි.

මෙම කම්පනයත් සමග කැලිෆෝනියාවේ ස්ථාන රැසක ගිනිගැනීම් හටගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම මාර්ග කිහිපයක්ද දැඩි ලෙස ඉරිතලා ගොස් තිඛෙනවා.