කිම් ජොං අන් දුම්රියෙන් චීනයේ සංචාරයක

January 8, 2019

උතුරු කොරියා නායක කිම් ජොං අන් චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිඛෙනවා.

දුම්රිය මාර්ගයෙන් ඔහු මේ වනවිට චීනය බලා ගමන් කරමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

චීන ජනාධිපති ශී ජිංපින් මහතාගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරය ක්‍රියාත්මක වන්නේ.

උතුරු කොරියා නායකයා සහ අමෙරිකා ජනාධිපතිවරයා අතර 2 වන සාකච්ඡාවක් පිළිබඳ වාර්තා පළවන අවස්ථාවක මෙම සංචාරය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

වසරක කාලයක් තුල කිම් ජොං අන් විසින් චීනයේ සංචාරය කරන 4 වන අවස්ථාව මෙයයි.

චීනය සැලකෙන්නේ උතුරු කොරියාවට ආධාර සපයන ප්‍රධානම රටක් ලෙසටයි.