කොරෝනාවලට බෙහෙතක් හොයන්න වසරක් ගතවේවි – පර්යේෂකයින්

2020-02-14 at 07:29

නව කොරෝනා වෛරසය හේවත් කොවිඞ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් එන්නතක් හඳුන්වාදීමට අවම වශයෙන් තවත් වසරක කාලයක් ගත වනු ඇතැයි පර්යේෂකයින් මත පල කරනවා.

සතුන් භාවිතයෙන් මුලින්ම එය අධ්‍යයනය කිරීමට මුල් මාස 6 ක කාල සීමාව වැය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔස්ටේ්‍රලියා විශ්වවිද්‍යලයක පර්යේෂකයින් පිරිසක් මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය වැළඳීමෙන් සිදු වු මරණ සංඛ්‍යාව 1483 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඊයේ දිනය තුළ වෛරසය ආසාධිතයන් 4823 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොවිඞ්-19 වෛරසය වැළඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 64600 කට ආසන්නයි.