කොරෝනාවේ මුල සොයන්න ගිය විශේෂඥයින් වැඩ අරභයි

2021-01-28 at 14:49

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබද ගවේශණය සදහා චීනයට පැමිණි ලෝක සෙඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත කන්ඩායම නිරෝධායන ක්‍රියාවවිය අවසන්ව එම මධ්‍යස්ථානවවින් පිටතට පැමිණ තිබෙනවා.

මෙම විශේෂඥ කණ්ඩායම චීනයට පැමිණ තිබුනේ පසුගිය 14 වනදායි.

චීනය තුල ක්‍රියාත්මක කොරෝනා පාලන නීති යටතේ මෙම පිරිස දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමුකෙරුණා.

ඒ අනුව අදාල විශේෂඥ කන්ඩායම චීනයේ වූහාන් නගරයේ රැඳී සිටිමින් කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබද ගවේශණ කටයුතු අද සිට ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වෛද්‍ය පරික්ෂණාගාර / රෝහල් මෙන්ම කොරෝනා වසංගතය ආරම්භයේදී ලොවපුරා දැඩි කථාබහකට ලක්වූ වූහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපල විශේෂඥ කන්ඩායමේ වැඩි අවධානයක් යොමුවන ස්ථාන වන බවද විදෙස් වාර්තාවල සදහන්.

කෙසේ වෙතත් පරික්ෂණ කටයුතු සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ අභිමතය පරිදි ස්ථාන තෝරා ගැනීමට ඉඩක් නොලැබෙන අතර චීන රජය විසින් අවසර ලබාදෙන ස්ථාන පමණක් පරික්ෂාවල ලක්කළ යුතු වනවා.