කොරෝනා නිසා රටවල් 4 ක් එපා කියූ නැවක් කාම්බෝජයට

2020-02-13 at 12:49

නව කොරෝනා වෛරස අවධානම හමුවේ ආසියාවේ ස්ථාන 5 ක නැංගුරම් ලෑම ප්‍රතික්ෂේප වූ නෞකාවක් අවසානයේදී කාම්බෝජයේදී නැංගුරම් ලා තිබෙනවා.

එම් එස් වෙස්ටර්ඩෑම් නම් මෙම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලයද සමග 2000 කට ආසන්න පිරිසක් ගමන් ගනිමින් සිටිනවා.

එහෙත් නව කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරසය ආසාධිතයන් කිසිවෙකුත් එහි සිට මෙතෙක් සොයාගෙන නැහැ.

අමෙරිකාවට අයත් මෙම මගී ප්‍රවාහන නෞකාව හොංකොං සිට ගමන් ආරම්භ කර තිබුණේ පසුගිය පෙබරවාරි පළමුවනදායි.

තායිලන්තය / තායිවානය / ගුවාම් සහ ජපානය විසින් ඊට සිය වරායන්හිදී නැංගුරම් ලෑමට අවසර දී තිබුණේ නැහැ.

මේ අතර යොකොහමා වරායේ නගර කර ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ කොරෝනා වෛරස ආසාධිතයන් ගණන 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට කොවිඞ්-19 වෛරසය හමුවේ මියගිය සංඛ්‍යාව 1360 දක්වා වැඩිවී ඇති අතර රටවල් 28 ක සිටින ආසාධිතයන් සංඛ්‍යාව 60000 කට ආසන්නයි.