කොරෝනා පරාජය කරන බවට චීනයෙන් යළි සහතිකයක්

2020-02-18 at 09:02

නව කොරෝනා හෙවත් කෝවිඞ් නයින්ටීන් වෛරසය පාලනය කළ හැකි මෙන්ම සුව කළ හැකි රෝගී තත්වයක් බව චීන සෞඛ්‍ය කොමිසම පවසනවා.

රෝග ව්‍යප්තිය ක්‍රමයෙක් අඩුවෙවමින් යන බවයි ඔවුන්ගේ මතය වන්නේ.

පසුගිය දින කිහිපයේදී වුහාන් නගර කලාපයේ කෝවිඞ් නයින්ටීන් වෛරස ව්‍යප්තිය සියයට 18 කින් පමණ අඩු වී ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙනවා.

නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය වැළඳීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට 1868 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාධිතයන් ගණන 72 දහස් 436 ක්වා ඉහළ යනු ඇති.

කෙසේවෙතත් වාර්තාවන මරණ සංඛ්‍යාව මෙන්ම ආසාධිතයන් ගණනද පෙර දිනට සාපේක්ෂව පහළ අගයක් ගැනීම විශේෂත්වයක්.


diam ultricies sit quis sed amet, mattis