කොරෝනා වෛරසයෙන් යුරෝපයේ පළමු මරණය වාර්තා වෙයි

2020-02-15 at 15:58

නව කොරෝනා හෙවත් කෝවිඞ් නයින්ටීන් (COVID-19) වෛරසය වැළදීමෙන් ප්‍රංශයේදී චීන ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණි චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පදිංචි 80 හැවරිදි අයෙකු මෙලෙස මරණයට පත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

නව කොරෝනා හෙවත් කෝවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් යුරෝපයේ සිදුවූ පළමු මරණය මෙයයි.

එමෙන්ම ආසියාවෙන් බැහැර රටකින් වාර්තාවූ පළමු මරණයද මෙය වීම විශේෂත්වයක්.