කොරෝනා හමුවේ ගෝලීය ආර්ථීකයට බලපෑම් – IMF

2020-02-17 at 13:21

නව කොරෝනා හෙවත් කෝවිඞ් නයින්ටීන් වෛරස ව්‍යප්තිය හමුවේ ගෝලීය ආර්ථීක වර්ධනයට බලපෑම් එල්ල විය හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අගවනවා.

ඒ පිළිබඳ තවමත් නිෂ්චිත පුරෝකථනයක් කළනොහැකි බවයි මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පෙන්වා දෙන්නේ.

රෝග ව්‍යප්තිය පාලනය කෙරෙන කාලය අනුව එය තීරණය වන බවයි අධ්‍යක්ෂවරියගේ මතය වන්නේ.

ඩුබායි හී පැවති ජාත්‍යන්තර කාන්තා සමුලුවක් අමතමින් ඇය මෙම අදහස් පල කර තිබෙනවා.

කොරෝනා ව්‍යප්තිය හමුවේ ආර්ථීකයට එල්ල වන බලපෑම නැවත කඩිනමින් යථා තත්වයට පැත්විමේ හැකියාවක් පවතින බවටද ක්‍රස්ටලීනා ජොර්ජියේවා මහත්මිය සුබවාදී බලාපොරොත්තු පල කරනවා.


at pulvinar et, efficitur. id porta. luctus eleifend