කොවිඞ් ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළට : කැලිෆෝනියා ප්‍රාන්තයේ නැවතත් රාත්‍රී ඇඳිරි නීතිය

2020-11-22 at 06:47

කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නැවතත් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැණවීම ආරම්භ කර තිබෙනවා.

පසුගිය මැයි මාසයෙන් පසු පළමු වරට අමෙරිකාවේ දිනන කොවිඞ් මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා යාමද ඊයේ දිනයේදී වාර්තාවීම විශේෂත්වයක්.

මේ වනවිට එරටින් මිලියන 12 කට වැඩි කොවිඞ් ආසාධිතයන් හමුවී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව පවතින්නේ දෙලක්ෂ 55 දහසක් ලෙසයි.

පසුගිය සතියේදී පමණක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 10 කට වැඩි පිරිසක් වාර්තා වී තිබුණා.

ඊයේ සිට ක්‍රියාත්මක දෛනික රාත්‍රී ඇඳිරි නීතිය දෙසැම්බර් 21 වනදා තෙක් බලාත්මක වන බවයි එරට වාර්තා කියාසිටියේ.

අමෙරිකාවේ වැඩිම පිරිසක් වාසය කරන ප්‍රාන්තය වන කැලිෆෝනියාවේ මුලු ජනගහණය කෝටි 04 කට අධිකයි.