කොවිඞ් එන්නත් බෙදීමේදී අසාධාරණකම් එපා

2020-11-24 at 07:51

කොවිඞ් 19 වෛරසය සඳහා එන්නතක් අනුමත කිරීමෙන් පසු දිළිඳු රටවලටද එය ප්‍රමාණවත් පරිදි හිමිවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා කියාසිටියේ සැමට සමානව එන්නත් බෙදා හැරීම වෙනුවෙන් ඩොලර් බිලියන 4 යි දසම 3 ක මුදලක් අවශ්‍ය බවයි.

මේ වනවිට එන්නත් 04 ක් ඉහළම සාර්ථකත්වයක් අත්කර ගෙන තිබෙනවා.

අමෙරිකාව – බි්‍රතාන්‍යය – ජර්මනිය හා රුසියාවයි එම කටයුතු සිදුකරන්නේ.

ඉන් වඩාත් මිළ අඩුම එන්නත ලෙස සැළකෙන්නේ මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් අත්හදා බලමින් පවතින එන්නතයි.

අමෙරිකාව / බි්‍රතාන්‍යය / යුරෝපා සංගමය / ඉන්දියාව සහ කැනඩාව මේ වනවිටත් කෝටි ගණනක මාත්‍රා ඇණවුම් කර අවසන්.

එහෙත් දිළිඳු රටවලටද අසාධාරණයක් නොවන පරිදි එන්නත් අලෙවිය සිදුවිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.