කොවිඞ් එන්නත් සම්බන්ධයෙන් මෝදි සාකච්ඡාවක

2020-11-21 at 10:34

කොවිඞ්19 වෛරසයට එරෙහිව නිපදවමින් පවතින එන්නත් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට වගකිව යුතු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ පවත්වා ඇති මෙම සාකච්ඡාවේදී එන්නත් නිපදවීම / අනුමැතිය ලබා ගැනීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැනි කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන්.

ඉන්දියාව තුළ මේ වනවිට කොවිඞ් වෛරසයට එරෙහි එන්නත් 05 ක් අත්හදා බැලෙමින් පවතින අතර බංග්ලාදේශය / මියන්මාරය / කටාර් / භූතානය / බහරේන් / ඔස්ට්‍රියාව සහ දකුණු කොරියාවද ඊට සහය පළ කර තිබෙනවා.

ඉන්දියාවෙන් මේ වනවිට කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 90 කට වැඩි පිරිසක් සටහන් වී තිබෙනවා.