කොවිඞ් මුලාරම්භය සොයා WHO නියෝජිතයන් කණ්ඩායමක් වූහාන් නගරයට

2021-01-14 at 12:52

කොවිඞ්19 වෛරසයේ මුලාරම්භය සෙවීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් කණ්ඩායමක් චීනයේ වූහාන් නගරයට පැමිණ තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය අතර මාස ගණනක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවයි ඔවුන්ට ඒ සඳහා අවසරය හිමිවී ඇත්තේ.

විද්‍යාඥයන් 10 දෙනෙකු චීනයට පැමිණ ඇති අතර අධ්‍යයන ආයතන / රෝහල් සහ වූහාන් මුහුදු ආහාර අලෙවි සැලට සම්බන්ධ පාර්ශව සමග ඔවුන් අදහස් හුවමාරු කරගැනීමට නියමිතයි.

මෙම විද්‍යාඥයන් දින 14 ක් නිරෝධායනය වීමෙන් අනතුරුව සිය නිරීක්ෂණ සටහන් කරගැනෙනු ඇති.

මේ අතර මාස 08 කට පසු චීනයෙන් අද දිනයේදී කොවිඞ් ආසාධිත මරණයක් සටහන්වී තිබෙනවා.

එමෙන්ම උතුරු චීනය ආශ්‍රිතව නැවතත් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.