ජනපතිට එරෙහිව සර්බියානුවන් අඛණ්ඩ 5වන සතියටත් විරෝධතාවයේ

January 6, 2019

සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූචිච් මහතාට එරෙහිව අඛණ්ඩව පස්වන සතියටත් එරට වැසියන් විරෝධතාවයේ නිරත වනවා.

සර්බියාවේ විපක්ෂ ක්‍රියාකාරියකුට සිදුකල පහරදීමක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිටයි මෙම විරෝධතා ආරම්භ කෙරුණේ.

විපක්ෂ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය මර්දනයට විරෝධය පල කරමින් සර්බියාවේ අගනගරය වන බෙල්ග්‍රේඞ් නුවර සහ එරට නගර රැසක විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඇලෙක්සැන්ඩර් වූචිච් මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ ආසන 250 න් 160 ක බහුතර බලයක් පවතිනවා.

2017 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් සියයට 55 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගනිමිනුයි ඇලෙක්සැන්ඩර් වූචිච් මහතා සර්බියාවේ ජනාධිපතිධුරයට පත්වුණේ.