ජනප්‍රියත්වය රැකගන්න මෝදිට අවසන් අවස්ථාවක් – අතුරු අයවැය අද

2019-02-01 at 11:25

ඉන්දියාවේ අතුරු අයවැය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

මහ මැතිවරණයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී සිය ජනප්‍රියත්වය ආරක්ෂා කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ඇති අවසාන අවස්ථාව මෙය බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඊයේ නිකුත්වූ වාර්තාවක දැක්වෙන්නේ 1970 දශකයෙන් පසු ඉන්දියාවේ ඉහළම විරැකියා අනුපාතය මේ වනවිට වාර්තාවන බවයි.

එය 2014 වසරේදී බලයට පැමිණීමේදී මෝදි මහතා ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වන නව රැකියා බිහිකිරීම නිසි ලෙස ඉටුනොවීමක් බව විචාරක මතය වී තිඛෙනවා.

මෑතකාලීනව පැවැත්වූ ප්‍රාදේශීය මැතිවරණවලදී පාලක භාරතීය ජනතා පක්ෂය ලැබූ පසුබෑමටද එය හේතුවක් වූ බව සඳහන්.

එබැවින් මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් ලෙස ජනතාවට සහන රැසක් අද දිනයේදී ප්‍රකාශයට පත්වනු ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.