ජපාන ආර්ථිකය කඩා වැටේ – කොරෝනා නිසා තවත් අවධානමේ

2020-02-17 at 09:36

වසර 5 කට පසු ජපාන ආර්ථිකය පහළ ගිය වැඩිම වේගය පසුගිය වසරේදී වාර්තා වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුවේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6 යි දසම 3 ක් ලෙසටයි තක්සේරු කර තිබුණේ.

එහෙත් බදු සංශෝධන හමුවේ එය අපේක්ෂිත ඉලක්කයන් අත්කර ගෙන නැහැ.

එමෙන්ම කොරෝනා වෛරස් අවධානම හමුවේ ජපාන ආර්ථිකය ඉදිරියේදී තවත් කඩා වැටිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

කෙසේවෙතත් කොරෝනා වෛරස බලපෑම හේතුවෙන් ජපානයේ සංචාරක ක්ෂේත්‍රය අඩාලවීමට ඉඩ නොතබන බවටයි එරට බළධාරීන් සහතික වී තිබුණේ.


quis, Lorem venenatis, Praesent ut in Aliquam mattis et, nunc vulputate,