ජසින්තා ආර්ඩන් දෙවන වරටත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙයි

2020-10-17 at 17:30

දෙවන වරටත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට එරට කම්කරු පක්ෂ නායිකා වත්මන් අග්‍රමාත්‍ය ජසින්තා ආර්ඩන්  මහත්මිය අද සමත් වුණා.

ඒ අද පැවති මහමැතිවරණයෙන් ඇයගේ කම්කරු පක්ෂය තියුණු ජයක් ලබා ගැනීමත් සමගයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සියයට 49 ක ඡන්ද ප්‍රතිශතයක් කම්කරු පක්ෂයට ලැබී තිබෙනවා.

සමස්ථ ප්‍රතිඵල අවසානයේ ඔවුන්ට පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමිවනු ඇති බවටයි දේශපාලන විචාරකයන් අනාවැකි පළකරන්නෙ.

කොවිඩි 19 වසංගතය මර්ධනයේදී මෙන්ම පසුගිය වසරේදී එල්ල වූ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී කටයුතු කළ ආකාරය හමුවේ ජසින්තා ආර්ඩන් මහත්මියගේ ජනප්‍රියත්වය ඉහළ ගිය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නෙ.

මේ අතර නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂය වන එරට ජාතික පක්ෂය මැතිවරණ පරාජය පිළිගෙන තිබෙනවා.