ජූලි මාසයෙන් පසු නිව් සවුත් වේල්ස් – වික්ටෝරියා ප්‍රාන්ත සීමා නැවත විවෘත කරයි

2020-11-23 at 08:15

පසුගිය ජූලි මාසයෙන් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර සීමාවන් නැවත විවෘත කර තිබෙනවා.

මුහුණු ආවරණ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ දැඩි රෙගුලාසිද අද සිට ලිහිල් කර ඇති බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ.

කොවිඞ් ආසාධිතයන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය විසින් දැඩි නිරෝධායන නීති හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරය සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඞ්නි නගරය අතර ගුවන් ගමන් ඇතුලු සියලු ප්‍රවාහන සේවා ද නතර කිරීමටයි පියවර ගැණුනේ.

කොවිඞ් පරීක්ෂණ ඉහළ දැමීම ඇතුලු සාර්ථක ක්‍රියාමාර්ග හමුවේ මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ දෛනික කොවිඞ් ආසාධිතයන් වාර්තා නොවන තත්වයකුයි පවතින්නේ.