ජෝර්ජියා ප්‍රාන්තයේ නැවත ගණන් කල ඡන්ද ප්‍රථිඵල අනුවද බයිඞ්න් දිනයි

2020-11-20 at 12:51

අමෙරිකා ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ නැවත ගණන් කල ඡන්ද ප්‍රථිඵල අනුවද ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් මහතාගේ ජයග්‍රහණය තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ට්‍රම්ප් මහතාට වඩා බයිඞ්න් මහතා විසින් වැඩි ඡන්ද 12 දහස් 284 ක් ලබාගෙන ඇති බවයි ප්‍රාන්ත මැතිවරණ බළධාරීන් සඳහන් කලේ.

තවත් ප්‍රාන්ත 03 ක ඡන්ද යළි ගණන් කරන ලෙස ට්‍රම්ප් මහතාගේ මැතිවරණ කඳවුර විසින් කල ඉල්ලීම්ද ප්‍රතික්ෂේප වීම විශේෂත්වයක්.

පසුගිය 03 වනදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිඵල අනුව ජෝ බයිඩින් මහතා ඡන්ද විද්‍යාල නියෝජිතයන් 306 ක් දිනාගත් අතර ට්‍රම්ප් මහතාට ලැබී ඇත්තේ නියෝජිතයන් 232 ක් පමණයි.

ඒ අනුව ලබන ජනවාරි 20 වනදා අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට ජෝ බයිඞ්න් මහතාට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි අමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ. – රංගන