ටයිග්‍රිස් නදියේ යාත්‍රාවක් පෙරළී 100 ක් මරුට

2019-03-22 at 06:13

ඉරාකයේ ටයිග්‍රීස් නදියේ යාත්‍රාවක් පෙරළීමෙන් සිදුවු මරණ සංඛ්‍යාව 100 කට ආසන්න වී තිබෙනවා.

ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

200 කට ආසන්න පිරිසක් ගමන් ගත් යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක් වී තිබෙනවා.

මේ වනවිට ළමුන් 19 ක් / කාන්තාවන් 61 දෙනෙකු ඇතුලු 94 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.