ට්‍රම්ප්ගේ ඉන්දියා GSP තහනම ලබන 5 සිට

2019-06-01 at 11:39

ඉන්දියාවට ලබා දී තිබූ ජී එස් පී බදු සහනය ලබන 5 වනදායින් අවසන් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිල වශයෙන් නිවේදනය කර තිඛෙනවා.

මේ අනුව ඉන්දීය නිෂ්පාදන සඳහා වසරකට ඩොලර් මිලියන 300 ක අමතර තීරු බදු ගෙවීමට අමෙරිකා ආනයනකරුවන්ට සිදුවනු ඇති.

අමෙරිකා ජී එස් පී බදු සහනයෙන් වැඩිම වරප්‍රසාද හිමිවූ රට වූයේ ඉන්දියාවයි.

ඒ අනුව තීරු බදු රහිතව 2017 වසරේදී අමෙරිකාවට ආනයන කර තිබූ ඉන්දීය නිෂ්පාදනවල වටිනාකම ඩොලර් බිලියන 5 යි දසම 7 ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේවෙතත් අදාළ බදු සහනය ලබාගැනීමට ඉන්දියාව ප්‍රමාණවත් සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වී ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත්තේ.