ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගය කොංග්‍රසයට – ප්‍රචණ්ඩ සිදුවීම් ගැන FBI අනතුරු අගවයි

2021-01-12 at 06:24

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග යෝජනාව එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පසුගිය සතියේදී කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ නොසන්සුන්තාවයට සම්බන්ධ බවට චෝදනා කරමිනුයි.

මෙම යෝජනාවට උප ජනාධිපති මයික් පෙන්ස් එකගත්වය පළ නොකලහොත් මෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමටයි ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභිකයන් තීරණය කර ඇත්තේ.

අමෙරිකානු ජනතාවට / රටට සහ ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා ඉමහත් තර්ජනයක් බැවින් ඔහු වහා තනතුරෙන් ඉවත් කල යුතු බවටයි කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ දක්වා ඇත්තේ.

කෙසේවෙතත් ලබන 20 වනදා ට්‍රම්ප් මහතා නිල වශයෙන් තනතුරෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ එරට 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඞ්න් මහතා දිවුරුම්දීමට නියමිතව සිටීම හේතුවෙනුයි.

මේ අතර දෝශාභියෝග යෝජනාව හේතුවෙන් අමෙරිකාව පුරා මෙම දින කිහිපයේ ප්‍රචණ්ඩ වාතාවරණයක් ඇතිවිය හැකි බවට එෆ් බී අයි ආයතනය අනතුරු අගවා තිබෙනවා.

ආයුධ සන්නද්ධ කණ්ඩායම් නොසන්සුන්තා ඇති කිරීමට උත්සාහ දරණ බවට වාර්තා පළවී තිබීම ඊට හේතුවයි.

කුමන බාධා පැමිණියද සැලසුම් කල පරිදි කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී තමන් ලබන 20 වනදා දිවුරුම් දෙන බව ජෝ බයිඞ්න් මහතා සහතික වී තිබෙනවා.