ට්‍රම්ප් – කිම් දෙවන සාකච්ඡාව ලබන 27 – 28 වියට්නාමයේදී

2019-02-06 at 10:00

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං උන් අතර දෙවන වටයේ සාකච්ඡාව සඳහා දින නියම වී තිඛෙනවා.

ලබන 27 සහ 28 යන දෙදින වියට්නාමයේදී තමන් උතුරු කොරියා නායකයා හමුවන බවයි ට්‍රම්ප් මහතා සඳහන් කලේ.

ඔහු මේ බව අනාවරණය කලේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින්.

අමෙරිකා – උතුරු කොරියා නායකයන් අතර පළමු වටයේ සාකච්ඡාව පසුගිය වසරේ ජූනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්වුණා.