ට්‍රම්ප් ගේ යූටියුබ් නාලිකාවත් අත්හිටුවයි
2021-01-13 at 18:35

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවා තිබෙනවා.
එම යූටියුබ් නාලිකාවෙන් ප්රචණ්ඩත්වය ඇති කරන බවට චෝදනා කරමිනුයි යූ ටියුබ් අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන ඇල්ෆබට් සමාගම මෙම පියවර ගෙන ඇත්තේ.
ජනාධිපති ට්‍රම්ප් සහාය දක්වන කණ්ඩායම් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක් ඒවායෙහි ඇතුළත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගත්තේ.
මේ අනුව ට්‍රම්ප් මහතා ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7 කට අත්හිටුවා තිබෙනවා.
කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය ඔහුගේ යුටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණා. ඊට පසුවයි යුටියුබ් සමාගම මෙම පියවර ගෙන ඇත්තේ.
