ට්‍රම්ප් නීතිපති එළවයි

2018-11-08 at 07:50

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතා ධුරයෙන් පහකර තිඛෙනවා.

නීතිපතිවරයා පසුගිය කාලසීමාවේදී අඛණ්ඩව ට්‍රම්ප් මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණා.

ඒ පසුගිය අමෙරිකා ජනාධිපතිවරණයේදී රුසියානු බලපෑම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකල යුතු බවට නීතිපතිවරයා කල කරුණු දැක්වීම් හේතුවෙන්.

මේ අතර මධ්‍ය වාර මැතිවරණයේදී ලද පසුබෑම හමුවේ ට්‍රම්ප් මහතා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.