ටෝකියෝ ඔලිම්පික් උළෙලට රොබෝ තාක්ෂණය මුසුවෙයි

2019-03-20 at 17:48

එළඹෙන ඔලිපික් තරගාවලියේ අත්‍යාවශ්‍ය කටයුතු සදහා රොබෝ තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීමට සත්කාරක ජපානය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අබාධිත පුද්ගලයන්ට සහයවීම/ ක්‍රීඩාංගණ තුලට ආහාරපාන සැපයීම/ බර අධික භාන්ඩ හැසිරවීම සහ කසල කළමණාකරණය යන කටයුතු සදහා රොබෝවරුන් යොදා ගැනීමට ජපානය සැලසුම් කර ඇති බවයි ජපානය පවසන්නේ.

මිනිස් ශ්‍රමයෙන් සිදුකෙරෙන වැඩකටයුතු අවම කර ගැනීම මෙහි මූලික අරමුණයි.

එමෙන්ම රොබෝ තාක්ෂණය මගින් මිනිසුන්ගේ එදිනෙදා කටයුතු පහසුකර ගන්නේ කෙසේද යන්න ලෝකය වෙත නව පණිවිඩයක් ලබාදීමට ඒ හරහා අවස්ථාව උදාවන බව ජපානයේ විශ්වාසයයි.

මීළග ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ අගනුවරදීයි.