තායි රජුගෙන් අක්කාගේ අගමැති සිහිනයට රතු එළියක්

2019-02-09 at 07:25

සිය සොහොයුරිය ලබන මස පැවැත්වෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණය තායිලන්තයේ වජිරලොංකෝන් රජු විසින් දැඩි දෝෂදර්ශනයට ලක් කර තිඛෙනවා.

එමගින් තායිලන්ත රජු පවුලේ සම්ප්‍රදායන් උල්ලංඝනය වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ.

අග්‍රාමාත්‍ය අපේක්ෂිකාවක ලෙස මහ මැතිවරණයට ඉදිරිපත්වීමටයි 67 හැවිරිදි උබොල්රතන මහිදෝල් කුමරිය තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් තායි රජ සම්ප්‍රදායට අනුව රජ පවුලේ සාමාජිකයන් දේශපාලනයෙන් ඉවත්ව සිටීම දීර්ඝ කලක සිට පැවත එන්නක්.

එහෙත් තමන් රජ පවුලෙන් ඉවත්ව සිටීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි මහිදෝල් කුමරිය ප්‍රකාශ කර තිබුණේ.

චිත්‍රපට කිහිපයකද රගපා ඇති ඇය මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකුද වන තක්ෂින් ෂිනවත්ට පක්ෂපාතී තායි රක්සා චාත් නම් පක්ෂයෙනුයි.

වසර 5 කට පසු තායිලන්තය හමුදා පාලනයෙන් මිදී යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමේ අවස්ථාව ලෙසටයි ලබන මසට යෙදී ඇති මහ මැතිවරණය සැලකෙන්නේ.