දිල්ලියේ ගින්නකින් 17 ක් මරුට

2019-02-12 at 11:02

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සංචාරක හෝටලයක හටගත් ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිඛෙනවා.

කාන්තාවක සහ කුඩා ළමයෙකුද ඒ අතර වන බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

අද අලුයම 4 ට පමණ මෙම ගින්න හටගන්නා අවස්ථාවේ හෝටලයේ සිටි බහුතරයක් නින්දෙහි පසුවූ බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර එය මැඩපැවැත්වීමට පැය 3 කට වැඩි කාලයක් ගතවී ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.