දෙවරක් දෝශාභියෝගයකට ලක් කල පළමු ජනපති බවට ට්‍රම්ප් පත්වෙයි

2021-01-14 at 06:21

අමෙරිකානු ඉතිහාසයේ අවස්ථා 02 කදී දෝශාභියෝගයකට ලක් කල පළමු ජනාධිපතිවරයා බවට ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පත්වුණා.

ඒ කැපිටල් ගොඩනැගිල්ලේ පසුගිය සතියේ සිදුවු නොසන්සුන්තාවයට අනුබලදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව සෙනට් සභාවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාව සම්මතවීමත් සමගයි. 232 ට 197 ක් ලෙස එම යෝජනාව සම්මත වුණා.

ට්‍රම්ප් මහතා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 10 දෙනෙකුද ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්. මේ අනුව දෙනට් සභාව තුළ පැවැත්වෙන චෝදනා විභාගයකට මුහුණදීමට ට්‍රම්ප් මහතාට සිදුවනවා.

එයින් වැරදිකරු බවට පත්වුවහොත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට පවා ඔහුට අවස්ථාව හිමිවන්නේ නැහැ.

කෙසේවෙතත් අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඞ්න් මහතා ලබන 20 වනදා දිව්රුම්දීමට නියමිත බැවින් දෝශාභියෝගයක් මගින් ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

ලබන 20 වනදාට පෙර සෙනට් සභාව රැස් නොවීම ඊට හේතුවයි.