ද. අමෙරිකාවේ හෝ පෘතුගාලයේ සංචාරය කර ඇති කිසිවෙකුට බි්‍රතාන්‍යයට ඇතුලුවීම තහනම්

2021-01-15 at 18:53

ගතවූ දින 10 තුළ දකුණු අමෙරිකාවේ හෝ පෘතුගාලයේ සංචාරය කර ඇති කිසිවෙකුට මහා බි්‍රතාන්‍යයට ඇතුලුවීමට අද සිට අවසර හිමිවන්නේ නැහැ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රසීලය තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි බි්‍රතාන්‍ය බළධාරීන් සඳහන් කලේ.

මේ අතර පසුගිය වසරේ මාර්තු පළමුවනදායින් පසු චීනයේ එක් දිනයක වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව අද වාර්තාවී තිබෙනවා.

අද නව ආසාධිතයන් 144 ක් වාර්තාවී ඇති අතර ඉන් වැඩි පිරිසක් හෙබෙයි ප්‍රාන්තයෙන් වනවා.