නයිජීරියාවේ විරෝධතාකරුවන් 20ක් මරා දමයි

2020-10-21 at 09:03

නයිජීරියාවේ විරෝධතාකරුවන් පිරිසක් ඉලක්ක කර එරට ආරක්ෂක ආංශ විසින් සිදුකල වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් නුවර ආශ්‍රීතව සති දෙකක් පුරා විරෝධතා පැවැත්වෙන්නේ එරට පොලිස් නිළධාරින් අතින් මහජනතාව කෲරත්වයට පත්වන බවට චෝදනා කරමින්.

මේවනවිට ලාගෝස් නුවරට ඇඳිරිනීතියද පනවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.