නවදිල්ලි නුවර කළහකාරීව හැසිරුණු ගොවීන් 200 ක් අත්අඩංගුවට

2021-01-27 at 18:10

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කළහකාරීව හැසිරුණු ගොවීන් අතුරින් 200 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විරෝධතාවලදී පොලිස් නිළධාරීන් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද සැළකෙන සුප්‍රකට රතු බලකොටුව ආශ්‍රිත ප්‍රදේශවල සී සී ටී වී දර්ශන උපයෝගී කරගනිමින් කළහකාරීන් හඳුනාගෙන තිබෙනවා.

නව කෘෂිකර්ම නීතිවලට විරෝධය පළකරමිනුයි දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් ට්‍රැක්ටර් පෙළපාලියකින් ඉන්දියාවේ 72 වන ජනරජ දිනය යෙදී තිබූ පසුගිය අගහරුවාදා දිනයේදී නවදිල්ලි නුවර දක්වා පැමිණ තිබුණේ.