නවසීලන්ත ගිණි කඳු පිපිරීම : පුද්ගලයෙකු මරුට

2019-12-09 at 12:20

නවසීලන්තයේ ධවල දූපතේ සිදුවූ ගිණි කඳු පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිඛෙනවා.

තවත් පිරිසක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි නවසීලන්ත වාර්තාවල දැක්වෙන්නේ.

අනතුර සිදුවු අවස්ථාවේ සංචාරකයන් 50 කට ආසන්න පිරිසක් ගිණි කන්ද ආසන්නයේ රැඳී සිට ඇති අතර 23 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට බළධාරීන් සමත්වී තිඛෙනවා.

නවසීලන්තයේ ප්‍රධානතම සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සැළකෙන ධවල දූපතේ ගිණි කන්ද එරට ඇති සක්‍රීයම ගිණිකඳු අතුරින් එකක් ලෙසටයි විශ්වාස කෙරෙන්නේ.