නව කොරෝනාවෙන් ජපානයේ කාන්තාවක් මරුට

2020-02-13 at 18:11

නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඞ් නයින්ටීන් වෛරසයට ගොදුරු වීමෙන් ජපානයේදී පළමු වරට කාන්තාවක් මියගොස් තිබෙනවා.

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ කනගාවා දිස්ත්‍රික්කයේ රෝහලක ප්‍රතිකාර ලැබු 80 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත් ව ඇති බවයි.

චීනයෙන් පිටතදී කොවිඞ් 19 වෛරසයෙන් මරණයක් වාර්තා වු තුන් වන අවස්ථාව මෙයයි.

මීට පෙර පිලිපීනයෙන් හා හොංකොං රාජ්‍ය වලින් මරණ දෙකක් වාර්තාව වුණා.

වෛරසයට ගොදුරුවීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 1357 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාධීතයින් සංඛ්‍යාව හැට දහස ඉක්මවන බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.