නෙදර්ලන්තයේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

2019-03-19 at 06:07

නෙදර්ලන්තයේ උටේ‍රක්ට් නගරයේ ට්‍රෑම් රථයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

37 හැවිරිදි සැකකරු තුර්කි ජාතිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. මොහු විසින් ඊයේ පස්වරුවේ සිදුකල වෙඩි තැබීමෙන් 3 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරුව නගරයේ සියලු ප්‍රධාන ස්ථාන වසා දමා නෙදර්ලන්ත පොලිසිය සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටි ගොඩනැගිල්ලක සැගවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථාන 2 කට වෙඩි තබා 50 දෙනෙකු මියයාමේ සිද්ධිය සිදුවී සතියක් ඉක්ම යාමට පෙර මෙම සිදුවිම වාර්තාවිම විශේෂත්වයක්.

Please follow and like us: