පකිස්ථානයේ සහ චැඩ් රාජ්‍යයේ FIFA සාමාජිකත්වය අත්හිටුවයි
2021-04-07 at 14:59

පකිස්ථානය සහ චැඩ් රාජ්‍යයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එම රටවල පාපන්දු ක්‍රීඩාවට රාජ්‍යය බලපෑම් එල්ලවීම සහ 3 වන පාර්ශවයක බලපෑම් එල්ලවීම සැලකිල්ලට ගෙන සාමාජිකත්වය අත්හිටුවිමට තීරණය කළ බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කර ඇත්තේ.
