පළමුවරට දිනක කොරෝනා රෝගීන් ලක්ෂ 04 ඉක්මවයි – මුලු ගණන කෝටි 04 සීමාවේ

2020-10-18 at 07:56

ගෝලීය දෛනික කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව පළමුවරට ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එක් දිනයකදී වැඩිම ආසාධිතයන් සටහන්වූ දිනය ලෙස ඊයේ සටහන් වනවා.

යුරෝපා රටවල් රැසකින් ආසාධිතයන් වාර්තාවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළයාමයි මීට හේතුවී ඇත්තේ.

කෙසේවෙතත් මේ වනවිට ඉන්දියාවෙන් දෛනික ආසාධිතයන් සටහන්වීම ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

දැනට ලොව පුරා කොවිඞ් ආසාධිතයන් තුන් කෝටි 99 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 11 ලක්ෂ 15 දහසකට ආසන්න වී තිබෙනවා.