ප්‍රංශයේ ඇඳිරි නීතිය තවත් වැඩි කෙරේ – කොවිඞ් රෝගීන්ට “රෙම්ඩෙසිවිර්” දෙන්න අමෙරිකා සෞඛ්‍ය අංශ අනුමැතිය

2020-10-23 at 08:02

කොවිඞ් ආසාධිතයන් හමුවීම ඉහළයාමත් සමග ප්‍රංශයේ රාත්‍රී ඇඳිරි නීතිය පණවන ප්‍රදේශ සංඛ්‍යාව ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව තවත් ප්‍රදේශ 38 කට සති 06 කට බලපැවැත්වෙන පරිදි රාත්‍රී 09 සිට උදාසන 06 දක්වා ඇඳිරි නීතිය පැණවෙනු ඇති.

ඊයේ දිනයේදී ප්‍රංශයෙන් කොවිඞ් ආසාධිතයන් 41 දහස් 622 දෙනෙකු හමුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට ලොව පුරා වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව හාර කෝටි 19 ලක්ෂ 74 දහස් 001 ක්. මරණ සංඛ්‍යාව පවතින්නේ 11 ලක්ෂ 42 දහස් 642 ක් ලෙසයි.

මේ අතර කොවිඞ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ප්‍රති-වෛරස ඖෂධයක් වන රෙම්ඩෙසිවිර් යොදාගැනීමට අමෙරිකානු සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය දී තිබෙනවා.

මීට සති 03 කට පමණ ඉහතදී කොව්ඞ් ආසාධනය වූ අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාටද එම ඖෂධය දී තිබූ බව සඳහන්.