ප්‍රියංකා අද දේශපාලන ගමන අරඹයි

2019-02-04 at 08:02

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජිව් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මහත්මියගේ දියණිය වන ප්‍රියංකා ගාන්ධි අද නිළ වශයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කරනවා.

එන් ඩී ටී වී පුවත් සේවය සඳහන් කළේ කුම්භමේලා සැණකෙලියේදී ගංගා නදියෙන් ස්නානය කිරීමෙන් අනතුරුව ඇය සිය දේශපාලන ගමන ආරම්භ කරනු ඇති බවයි.

ඉන් අනතුරුව ප්‍රියංකා ගාන්ධි සිය සහෝදරයා වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි සමග ලක්නව් හිදී ඒකාබද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.