පැරිසියත් වැඩිම වියදම් නගරයක් වෙයි

2019-03-19 at 12:51

ලොව ජීවන වියදම අධිකම නගර 3 බවට සිංගප්පූරුව / හොංකොං සහ පැරිස් පත්වී තිබෙනවා.

නගර 133 ක් පාදක කරගනිමින් සිදුකල සමීක්ෂණයකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ජීවන වියදම අධිකම නගර 10 ට ඇතුළත් සෙසු ආසියානු නගර වන්නේ දකුණු කොරියාවේ සෝල් සහ ජපානයේ ඔසාකායි.

සූරික් / ජිනීවා / කෝපන්හේගන් යන යුරෝපා මහද්වීපයේ නගරද ජීවන වියදම අධිකම නගර 10 ට අන්තර්ගත වනවා.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ නිව්යෝර්ක් නගරද ඊට ඇතුළත් වන බවයි අදාළ සමීක්ෂණයේ දැක්වෙන්නේ.

ලොව වියදම් අඩුම නගර 10 ද නම් කර තිබෙනවා.

ඊට අනුව වියදම් අඩුම නගරය වන්නේ වෙනිසියුලාවේ කරකස් නගරයයි.

ඉන්දියාවේ නවදිල්ලි / චෙන්නායි සහ බැංගලෝර් නගරද පකිස්ථානයේ කරච්චි නගරයද වියදම් අඩුම නගර 10 ට ඇතුළත් වනවා.