පිලිපීන ජනපතිගේ මතට එරෙහි යුද්ධය ගැන එක්සත් ජාතීන්ගෙන් විමර්ශනයක්

2019-07-12 at 13:40

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි ක්‍රියාමාර්ගවලදී පිලිපීන රජය විසින් අපරාධ සිදුකලේ දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කරගෙන තිඛෙනවා.

සැකකරුවන් ඝාතනය කිරීම් / නිරපරාදේ අත්අඩංගුවට ගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ඒ යටතේ ලබාගැනීමට නියමිතයි.

ජනාධිපති රොද්‍රිගෝ ඩුටේටේ විසින් පිලිපීනය තුළ මත් විරෝධී මෙහෙයුමක් ආරම්භ කලේ 2016 වසරේදීයි.

ඒ අනුව මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6600 කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇති බවයි එරට පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් එය 27 000 ක් වැනි ඉහළ අගයක පවතින බවටයි සිවිල් සංවිධාන චෝදනා කරන්නේ.

මත්ද්‍රව්‍ය වැටලීම් අතරතුර ජාවාරම්කරුවෙකුගේ 3 හැවිරිදි දැරියක පිලිපීන ආරක්ෂක අංශ වෙඩි පහරකින් පසුගිය සතියේදී මියයාම නවතම චෝදනාවයි.

Please follow and like us: