පෙබරවාරිය වනවිට අමෙරිකාවේ මුලු කොරෝනා මරණ ලක්ෂ 05 ක් වනු ඇතැයි රතු එළි

2020-10-24 at 13:12

අමෙරිකාවේ සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව ලබන පෙබරවාරි මාසය වනවිට ලක්ෂ 05 ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

එළඹෙන ශීත සෘතුවත් සමග ආසාධිතයන් ගණණ කැපී පෙනෙන අයුරින් ඉහළ යනු ඇති බවටයි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකල අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය උපදෙස් නිසි අන්දමින් අනුගමනය කළහොත් අමෙරිකාවේ කොවිඞ් මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 30 දහසකින් පමණ අවම කරගැනීමට හැකිවනු ඇති බවද සඳහන්.

ඊයේ දිනයේදී අමෙරිකාවෙන් කොරෝනා ආසාධිතයන් 84 දහස් 218 දෙනෙකු වාර්තා වුණා.

එය මේ දක්වා එරටින් එක් දිනයකදී වාර්තා වු වැඩිම ආසාධිතයන් ගණනයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අගවා සිටින්නේ උතුරු අර්ධගෝලයේ ඇති රටවල ජනතාව එළඹෙන මාස කිහිපයේදී වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.