බයිඞ්න් දිවුරුම්දෙන්න පැය 48 යි – කැපිටල් මන්දිරය Lockdown

2021-01-19 at 06:24

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඞ්න් මහතා දිව්රුම්දීමට පැය 48 කටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී කැපිටල් ගොඩනැගිලි සංකීර්ණයට සංචරණ සීමා පණවා තිබෙනවා.

කිසියම් සැක සහිත දුමාරයක් නිකුත්වීමයි ඊට හේතුව වන්නේ.

දිවුරුම්දීමේ උත්සවයේ පෙර පුහුණුවීම්ද මේ අනුව තාවකාලිකව අත්හිටුවා ඇතැයි අමෙරිකා වාර්තාවල සඳහන්.

පසුගිය 06 වනදා ට්‍රම්ප් හිතවාදීන් පිරිසක් විසින් කැපිටල් මන්දිරය තුළ කළහකාරී හැසිරීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත්වුණා.

හෙට පැවැත්වෙන දිව්රුම්දීමේ උත්සවය හමුවේ වොෂින්ටන් අගනුවර ආරක්ෂාවද තර කර ඇති අතර ජාතික ආරක්ෂක බලකා සෙබලුන් දහස් සංඛ්‍යාත පිරිසක් අනුයුක්ත කර තිබෙනවා.