බලු මස් කන්න එපා – වියට්නාම් වැසියන්ට ඉල්ලීමක්

September 12, 2018

සුනඛ මස් ආහාරයට ගැනීමෙන් වළකින්නැයි වියට්නාම් බලධාරීන් හැනොයි අගනුවර වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. එය ශිෂඨාචාරගත ජනතාවකට සුදුසු නොවන බවයි බලධාන් පෙන්වා දෙන්නේ.

සුනඛ මාංශ ආහාරයට ගැනීම හේතුවෙන් නගරයේ වෙසෙන ජනතාවගේ සංස්කෘතික ජිවන රටාව පිලිබඳ ප්‍රතිරූපයටද හානි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ සුනඛ මාංශ ආහාරයට ගැනීමෙන් ජලභීතිකාව වැනි රෝගවලට පහසුවෙන් ගොදුරු වීමේ අවධානමක් පවතින බවයි. වියට්නාමයේ හැනොයි නුවර පමණක් සුනඛ මාංශ හා බලල් මාංශ අලෙවිකරන වෙළඳසල් දහසකට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ