බ්‍රසීලය තුළ කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි

2021-01-18 at 07:49

දැනට කොවිඩ් මරණ දෙවන වැඩිම රට වන බ්‍රසීලය තුළ කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

ඔක්ස්ෆ්ර්ඩ් සහ චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් එලෙස ලබාදීම ආරම්භ කල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

බ්‍රසීලයේ ප්‍රාන්ත 27 තුළම එන්නත් මාත්‍රා බෙදා හැරෙමින් පවතින බවද සඳහන්.

මේ වනවිට බ්‍රසීලයෙන් කොරෝනා මරණ 209 868 ක් වාර්තා වී ඇති අතර එය දෙවැනි වනුයේ අමෙරිකා එක්සත් ජනපදයට පමණයි.

වෛරසය ව්‍යාප්තවීම ආරම්භයේ සිටම එරට ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ඊට අඩු තක්සේරුවක් දැක්වීම හේතුවෙන් එරට තුළ ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගිය බවටයි චෝදනා එල්ලවන්නේ.