බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ලක්ෂය පනීයි – අගමැති දැඩි කණගාටුවෙන්

2021-01-27 at 09:58

කොරෝනා වසංගතයෙන් පුද්ගල මරණ ලක්ෂය ඉක්මවූ පස්වෙනි රට බවට මහ බ්‍රිතාන්‍යය පත්ව තිබෙනවා.

අද දිනය වනවිට එරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ එකසිය හැට දෙකක්.

කොරෝනා වසංගතයෙන් පුද්ගල මරණ ලක්ෂය ඉක්මවූ යුරෝපයේ පළමු රට වන්නේද මහ බ්‍රිතාන්‍යය.

එරට වත්මන් තත්වය පිළිබදව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය බලවත් කණගාටුව පළකර තිබෙනවා.

කොරෝනා වසංගතයෙන් මහ බ්‍රිතාන්‍යය තුල අහිමිවූ සෑම ජීවිතයක් පිළිබදව තමන් බලවත් සේ කණගාටුවට පත්ව සිටින බවයි ඔහු සදහන් කරන්නේ.

රටතුල උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු අවධාරණය කරනවා.

ගෝලීය කොරෝනා වසංගත තත්වය හමුවේ වැඩිම බලපෑමක් එල්ලවී ඇති රටවල් අතර මහ බ්‍රිතාන්‍යය පසුවන්නේ 5වන ස්ථානයේයි.

ගෙවුනු දින 28ක කාළය සැළකිල්ලට ගැනීමේදී දෛනිකව එරටින් කොරෝනා මරණ වාර්තාවීමේ අගය දිනකට මරණ 1631 බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.