බි්‍රතාන්‍ය සංචාරක කොරිඩෝ සියල්ලම සඳුදා සිට වසා දමයි

2021-01-16 at 07:22

දැනට ක්‍රියාත්මක සංචාරක කොරිඩෝ සියල්ලම ලබන සඳුදා සිට වසා දැමීමට මහා බි්‍රතාන්‍යය තීරණය කර තිබෙනවා.

කොවිඞ් වෛරසයේ හඳුනානොගත් නව ප්‍රභේද පැතිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිවේදනය කලේ.

මේ අනුව මහා බි්‍රතාන්‍යයට පැමිණීමට අපේක්ෂාකරන ඕනෑම අයෙකු සිය ගුවන් ගමන ආරම්භයට පෙර කොවිඞ් පරීක්ෂණයකට මුහුණදී වෛරසය නොමැති බවට වන සෘණාත්මක ප්‍රථිඵල වාර්තාවක් ඉදිරිපත් කල යුතුයි.

පෙබරවාරි 15 වනදා තෙක් එම නියමයන් බලපැවැත්වෙන බවයි මහා බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.